දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

ABOUT AUTHOR




               මම සාමාන්‍ය විදිහට ඔහේ මොනවා හරි කාල බීල නිදහසේජීවත් වෙන්න ආස කෙනෙක් .සංකීර්ණ ජීවිතයක් ගත කරලා ගොඩක් මහන්සියි මට .ඒ නිසා සාමාන්‍ය කෙනෙක් විදිහට අලුත් ජීවිතයක්පටන් ගන්නබලාපොරොත්තුවෙන් ඉන්නවා.පොඩි කාලේ ඉඳල විදුලි සංදේශ ක්ෂේත්‍රයට පුදුම විදිහට ආස කරා ,රස්සා විදිහට කලෙත් ගොඩක් ඒවට සම්බන්දව තමා .ඒවා ගැනම හොයා හොයා පුංචි කාලේ ගෙවුන , තිබ්බ ප්‍රශ්නඩිංගක් හරි යටපත් උනේ ඒවා කරලා . ඊට පස්සේ ආදරේ කියන දේට පැටලිලා උඩු හුලගටම අහු වෙලා ගහගෙනමගියා . අද එතන ඉඳන් ජීවිතේ ගැන බලන් ඉන්නවා , හිතනවා,අමතක කරනවා . පරණ ජීවිතේට නම් ආයේ යන්නේ නැහැ සහතිකයි .අලුතෙන් ලැබෙන දෙයක් බාර ගන්නනවා ඕන දෙකට මූණ දෙන්න ලෑස්ති වෙලා ..

              මම මගේ අද්දැකීම් ලියල යන්න හිතාගෙනයි මේ දේවල් පටන් ගත්තේ .ඒකට මට ***** **** කියන යාළුවා ගොඩක්ම උදව් කරා
            මෙතන තියෙන්නේ ගොඩක්ම මම හා මගේ ජීවිතය එක්ක සම්බන්ද සිද්දි .ඒ අතරේ මන් විනෝදෙට කරන දේවල් , අහන සින්දු , ආස සින්දු , සමාජයේ වෙච්ච දේවල් ගැන , දේශපාලනය , තාක්ෂණය සම්බන්ද දේවල් උනත් දාන්න පුළුවන් මට වැරදුන හැටි , හරිගස්ස ගත්ත තැන් හැම දේම ඒවා අස්සේ හැංගිලා තියෙනවා .

                  හැමදාටම ආසයි ඔහේ පොඩි ළමයෙක් වගේ මොනවා හරිකතා කර කර ඉඳල ටිකක් ඉන්න තියෙනවා නම් .ඇත්තටම මේවා දැක්කම මං මේ ගෙවෙන මහා බොරු සංකීර්ණ ජීවිතේට කැමති නැහැ .අඩුම තරමේ බාටා දෙකක් දාගෙන පාරක බැහැල යන්නවත්බැරි නම් එංජිනේරු කම් වලින් මැනේජර් කම් වලින්විදායක කම් කියන ඒවගෙන් මොකටද ..පොඩි කාර් කට්ටක් තියෙන , පොඩි ගෙදරක තමන්ගේ ගෑනියි දරුවෝ ටිකයි එක්ක ඉන්නවා ඇර දේවල්මිනිස්සුන්ට ඕනෙද ?

ආදරේ ගැන හිතන විදිහ


                  ඇත්තටම මස්නුස්ස කම තියෙන මිනිහෙක්ගේ දුකක් වේදනාවක්තේරුම් ගන්න පුළුවන් ගෑනියෙක් ලැබෙන මිනිහ ගොඩක් වාසනාවන්තයි .එත් ඒ මනුස්සයට ඒක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් , එත් මට නම් එක හොදටම තේරුම් ගන්න පුළුවන් දෙයක් මොකද හැමදාම හෙව්වේ ඒකනිසා ..මහා දේවල් ඕනේ නැහැ දෙන්නට දෙන්න ආදරෙන් ඉන්නවා නම් ඒ ඇති .ලුනුයි බතුයි කමු කියන දේ නෙවේ මන් කියන්නේ , එත් කී දෙනෙක් ඉන්නවද අද ලුනුයි බතුයි කාල හිටියනම් මීට හොදයි නේද කියල හිතන?ඒකවත් වත් කර ගන්න බැරි නම් මොකටද ආදරේ බාල්දු කරන්නේ ආදරේ ආදරේ කියා කියා . එක්කෝ ආදරේ නැත්නම් ඔයා ලග මොනාද තියෙන්නේමන් ලග මෙව්වා තියෙනවා කියන එක නෙවේද ආදරේ කියන වචනෙටයටින් දුවන්නේ ...එහෙම නෙවේ ඇත්තටම ආදරේ කියන දේ අපිට ලැබේවිද?ලැබුන දාකට මගේම කරගන්නවා .....


සංගීතය ගැන හිතන විදිහ


            මන් කලීම්ම නම් ගොඩාක් අසාවෙන් පිස්සුවෙන් වගේදෙයක් කලා .ඒ දේයින් පස්සේ මන් ඈත් උනා .ඒ දේවල් එක්කම හිටියනම් අනේ මන්ද මොනවා වේවිද කියල ..කොහොම හරි ලංකාවේ සිංහල සින්දු අතරින් ආසාවෙන් අහනවා70 , 80 , 90 කාලේ ලිය උන සින්දු . ආසම කරන ගායිකාවදීපිකා ප්‍රියදර්ශනී පීරිස් , ආසම ගායකයා කරුණාරත්න දිවුල්ගනේ.පියෙකුගේ දුක කියා පාන මහා දිය කද කලා වැවේ
පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව
තුජේ සූරත්
මේ භවයේදී මුණ හුණ ආයේ
ගමන නොනිමෙයි
සඳ මෝරා උඩු ගුවනට
විනේ කටින උන්
සුදෝ සුදු කවි
ඔබට වරම් නැති මටද වරම් නැති
රුදුරු තුරු වදුලේ
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
සඳකඩ පහනක
මාගේ පුතුට මල් යහන සදන්නයි
කව්රුවත් නැහැ කව්රුවත් නැහැ එගොඩට යන්නට
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
සඳ තරු මල් මට දන් දුන් මගේ සොදුරු රුව නුබ අරගන්, හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
මොනර කිරිල්ලී ( දුහුවිල්ලෙන් වත්සුණු තවරා )
ළඳුනේ ....
සියෝතුනේ උතුරින් මෙහි එන පියබා
තව ගොඩාක් තියෙනවා ඒවාට මේ link එකෙන් යන්න පුළුවන්
ඉංග්‍රීසි සින්දු ගැන මම ලියපු එකක් ඇති ඒකහොයාගෙන දාන්නම් .. දෙමල සින්දුත් අහනවා ලස්සනමෙලඩි තියෙන . ලොකු කැමැත්තක් නම් නැහැ ..

දේශපාලනය ගැන හිතන විදිහ ..


            දැනට ( 2012) ලංකාවේ වෙන දේවල් නම් මම මීටඅවුරුදු 6 වගේ ඉඳන් හොදට බලන් ඉඳල අන්තිමට තව දෙයක් නැති තැනටම එමින් ( තව ඩින්ගයි ඉතුරු )තියෙන්නේ . දෙපැත්ත තුන් පැත්තම එකයි . හැමෝම ආණ්ඩු බලය ගන්න කරන , පෙන්නන මායාවක් විතරයි තියෙන්නේ ..කිසිම කෙනෙක්ට හරි දැක්මක් නැහැ ආණ්ඩු බලය හරි ,කොහෙන් හරි කීයක් හරි හොයන් ඉන්න ඇර ..ඇති ඈයෝ තව දුරටත් ගොඩ වැඩි කරගන්නත් ; නැති ඈයෝ එතනටත් එන්නත් දගලන එක තමා අද දේශපාලනය විදිහට පේන්නේ ..(ගොඩක් ගරු කරන කෙනෙක් තමා විජයදාස රාජපක්ෂ .එයාගෙත් කළු තැන් ඇති ජීවිතේ .. ඒත් හිතට එකගව එකග වෙන්න බැරි තැන තීරණ ගත්ත සුළු පිරිසකගෙන් එක් කෙනෙක් ..)






සමාජය ගැන හිතන දේ


               දේශපාලනයේම ඊට පහලින් ඉන්න පිරිස ඇරවෙන මොනවා කියන්නද ? හොදටම හදවතපාවා දෙන්න පුළු පුළුවන් ප්‍රමානෙට හිමි තැන්අරගෙන ඉන්නවා ..ඒ අතරේ ඇත්තටම මනුස්ස කම තියෙන අයත් ඇති ..එහෙම ඉන්න ඕන . There should be .. එහෙම කෙනෙක් හම්බෙනවා නම් ගොඩක් වටිනවා මිනිහෙක්ට..

ආගම ගැන හිතන විදිහ

              ඉස්සෙල්ලම කියන්න ඕනේ මන් ඉරිදට සුදු මල් වට්ටිය අරන්පන්සල් යන කෙනෙක් නෙවේ .එත් පාරේ බලු පැටියෙක් පූස් පැටියෙක් හිටියොත්අරන් ගෙදර ගෙනත් කන්න බොන්න දීල හදාගන්න කෙනෙක් .කාගේවත් ගැත්තෙක් නෙවේ .මොකද ඕන තරම් මන් දැකල තියෙනවා " චිප් බල්ලා පන්සලකටවත් ඇවිත් ඉන්න නැහැ" කියලපයින් ගහල මල් වට්ටිය ගන්න මිනිස්සු .ඒ පන්සල් යෑමෙන් වැඩක් තියෙනවද ? ත්‍රිපිටකය පුළුවන් වෙලාවට කියවනවා , එත් අර සූත්‍රයේ මෙහෙම තිබුණා කියා කියා ඒවා කට පාඩම් කරන්නේ නැහැ . අදහස විතරයි ගන්නේ . ඒ ටික ඇති හැමදේටම . හැබැයි වෙන කෙනෙක්ට පෙන්න පුළුවන් වැඩිම ගාථ ගානක් පාඩන් කරගෙනවැඩිම අටපිරිකර ටිකක් පූජා කරලා , දඹදිවගිහින් ඉන්න එක තමා හරි බව්ද්ධ කියල .ඒක හරියට වී වපුරන්න ඉන්න කෙනෙක් හොද.....ට තණකොළ සුද්ද කරලා අස්වැන්න ගන්න බලන් ඉන්නවා වගේ වී වපුරන්නේ නැතුව.

ඕනෑම වෙලාවක මට කතා කරන්න හිතුනොත් මගේ ඊ මේල් එකක් එවන්න. Skype වලත් ඉන්නවා පුළුවන් වෙලාවට
silentsahan ID එක . call එකක් දෙන්නත් පුළුවන් හදිස්සි කාරණාවකට නම් .ඉන්නකම් කතා කරන්න පුළුවන් ..

14 comments:

  1. Replies

    1. ගොඩක් ස්තූතියි මචන් කිසිම පොස්ට් එකක් නොතිබ්බ උනත්
      මට විශ් කරලා ගිය මුල්ම කෙනා .. ගොඩක් ස්තූතියි මචන්...

      Delete
    2. ME KAKKA IRISIYA KARAYEK, OYA BORU WISH, KAPANA BARI ATHA SIMBINAWA.

      Delete
  2. මම සාමාන්‍ය විදිහට ඔහේ මොනවා හරි කාල බීල නිදහසේජීවත් වෙන්න ආස කෙනෙක්.

    හැමෝම කැමතියි මෙහෙම ඉන්න, එත් බෑනේ !

    ReplyDelete
  3. ඔව් මන් පිලිගන්නවා මනෝජ් .එත් හොදටම
    විනාස වෙන්න යද්දී නම් සමහර දේවල් අත
    අරින්න වෙනවා.මුලින් හපෝ කොහොම
    කරන්නද කියල දැනුනට පස්සේ ටික ටික එකටත්
    හුරු වෙනවා..
    හැබැයි මන් පිලිගන්නවා කෑම බීම , ඉඳුන් හිටුන් ,
    ලෙඩක් දුකක් හැදුනහම බෙහෙතක් ගන්න වගේ
    දේවල් වලට තමන්ටම කියල හයියක් තියෙන්න
    ඕන ..

    ReplyDelete
  4. ස්තූතියි කුමාරි සුබ පැතුවට ..
    ඔයාටත් ඔයාගේ ජීවිතේ වසනවන්තව ගෙවන්න
    ලැබේව කියල ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. නිමේෂයෙන් නිමේෂයේ ...
    ජීවිතය ගල යද්දී,
    හමුවනු ඇත නුඹට ,
    පවද මෙන්ම කටු අකුල්ද,
    එවන් විටක ,
    සතුට සැනසුම මෙන්ම,
    දුක වේදනාවද,
    තනි රකිනු ඇත ඔබට එක සේම,
    නොසලෙන්න දිරි ගන්න,
    ඉඩ දෙන්න කාලයට ,
    ගෙන දෙවි විසඳුම් සියල්ලටම,
    හිනැහෙන්න හෙටද ඔබ අද සේම ,
    ජය ලැබෙනු ඇත ඔබට නිසැකවම හෙට දිනේ,

    Ayya Wish You All The Best For Your Future!!!!

    ReplyDelete
  7. WILL BE THE MOST USEFUL AND REPUTED BLOG.

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili